Sat. Jun 28th, 2025

ටෙලිග්‍රෑම් ප්‍රධානියාට ප්‍රංශයෙන් පිටවීම තහනම් වෙයි

Aug29,2024

ටෙලිග්‍රෑම් ප්‍රධානියාට සංවිධානාත්මක අපරාධ චෝදනා එල්ල වීමත් සමග ප්‍රංශයෙන් පිටවීම තහනම් කර තිබෙනවා.

ටෙලිග්‍රෑම් ප්‍රධානියා හා නිර්මාතෘ වන පාවෙල් ඩුරොව් සිය යෙදුම තුළින් සංවිධානාත්මක අපරාධ සඳහා සහය වූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

එහි විමර්ශන හේතුවෙන් ප්‍රංශයේ රැඳී සිටීමට ඔහුට සිදු වනු ඇති. 39 හැවිරිදි ඩුරොව් රක්ෂිත බන්ධනාගාරගත කර නැහැ.

එහෙත් අධිකරණ අධීක්ෂණය යටතේ තබා ඇති අතර, ඔහුට යුරෝ මිලියන 5ක තැන්පතුවක් ගෙවිය යුතු වනවා.

එමෙන්ම සතියට දෙවරක් ප්‍රංශ පොලිසිය හමුවේ පෙනී සිටිය යුතු වනවා.

ඔහුට එල්ල වී ඇති චෝදනා පිලිබඳ සමාජ විරෝධයක් ද ඇතිව තිබෙනවා .

ඒ සමාජ මාධ්‍ය වේදිකාවක් භාවිතා කරන ආකාරය අනුව එහි හිමිකරු අත්අඩංගුවට ගැනීම යුක්ති සහගත නොවන බව පවසමින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *