වැල්ලවාය කෝන් වැලෑන කදු රක්ෂිතයේ හටගත් ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා.
ඊයේ රාත්රී කාලයේ පැතිර ගොස් තිබූ ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර 10 කට වැඩි ප්රමාණයක් විනාශ වී තිබුණා.
ප්රදේශයේ පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය හේතුවෙන් ගින්න පැතිර ගොස් තිබුණා.
කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි පොලීසිය සැක පල කරන්නේ.
අද අලුයම වන විට ගින්න සම්පූර්නයෙන්ම පාලනය කිරීමට කටයුතු තිබෙනවා.