ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වුවා.
පුළුවන් ශ්‍රී ලංකා යන තේමාව මුල්කර ගනිමින් සකස් කර ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රධාන අංග 5කින් සමන්විතයි.
ජීවන බර අඩුකිරීම , රැකියා සහ බදු සහන ලබාදීම , ආර්ථික ප්‍රවර්ධනය , උරුමය හා අස්වැසුම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පළමු අදියරට අයත්.
රැකියා ආදායම් මාර්ග ලක්ෂයක් ලබාදෙන අතර තරුණ තරුණියන් පනස්දහසකට කාර්මික පුහුණුව සදහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවයි ජනාධිපතිවරයා මෙහිදි පැවසුවේ.
රනිල් සමඟ රට දිනවන වසර පහ මැයෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදුකෙරුණේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදීයි.
ථෙරවාද වෙළද ආර්ථිකය , ක්‍රියාන්විතය – 2025න් ඔබ්බට , ප්‍රභාෂ්වර සමාජයක් කරා මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා යන ප්‍රධාන අංග 5න් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සමන්විත වනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පළමුවෙන්ම ආගමික නායකයන් වෙත පිළිගැන්වුවා.
ලොව ඕනෑම ස්ථානයක සිට මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය කියවීමට හැකියාව ලැබෙනවා.
ඊට අදාළ වෙබ් අඩවිය එළිදැක්වීම ජනපතිගේ මූලිකත්වයෙන් සිදුකෙරුණා.
www.ranil2024.lk නැමැති මෙම වෙබ් අඩවිය භාෂා තුනෙන්ම සමන්විතයි.