කඩුවෙල සිට ගාල්ල දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වූ බසයක ගමන්ගත් කාන්තාවකට අතවර කළ බවට සැකපිට විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ කාර්ය බලකා කඳවුරක සේවය කරන කොස්තාපල්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 27 දිනයේදීයි.
අතවරයට පත්වූයේ යැයි කියන මෙම කාන්තාව පින්නදූව පොලිස් මුරපොලේ නිලධාරීන්ට මේ බව පැමිණිලි කිරීමෙන් අනතුරුව අක්මීමන පොලිසිය විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන්.