Sun. Jun 22nd, 2025

අනුර – සජිත් විවාදය බලන්න රජයේ නිවාඩුවක්!

May16,2024

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ විවාදය ජනතාවට දැක බලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එහෙත් ඔහු පෙන්වාදෙන්නේ අදාළ විවාදය පැවැත්වීම සඳහා එම දෙපාර්ශවයටම උනන්දුවක් නොමැති බවයි.

“අද ප්‍රධාන අනිත් අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි. කරුණාකරලා අර විවාදය තියන්න. මොකද මේ විවාදයට දෙන්නම හැංඟෙන ගතියක් පේන්න තියෙනවා. මම ඇත්තටම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමකුත් කරා රජයේ නිවාඩු දිනයක් නම් කරලා, මේ විවාදය ලංකාවේ මිනිස්සුන්ට බලන්න කියන්න. මේ දෙන්නාගේ විවාදය බලලා රට හදන හැටි. මොකද අභියෝග භාරගන්න බැරි මිනිස්සු කොහොමද රට හදන්නේ කියන එක ඉස්සෙල්ලාම බලන්න ඕනේ. මේක තනිකර ගේමක් යන්නේ. දෙපැත්තම දන්නවා මේක කරගන්න බෑ කියලා. එක්කෙනෙක් බර සිංහලෙන් කතා කරයි. අනෙක් කෙනා බර ඉංග්‍රීසියෙන් කතා කරයි. දෙන්නට දෙන්නා කතා කරපු එක තේරෙන්නේ නැති වෙයි. අපි කරුණාකරලා ඉල්ලනවා කයිවාරුවෙන් නෙමෙයි ක්‍රියාවෙන් කරලා පෙන්වන්න.”

මේ අතර ඉදිරියේදී පළමුව පවත්වනුයේ ජනාධිපතිවරණයක් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසන අතර ඉදිරි දිනවල දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන් ද යන්න පිළිබඳ හෙළිකරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේය.

තවද ඉදිරියේ දී කුමන මැතිවරණය පැමිණිය ද ඒ සඳහා සිය පක්ෂය සූදානම් බව පෙරමුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *