රජයේ වගකිව යුතු අමාත්‍යවරයෙකු වශයෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇතිව තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් තමා ජනතාවගෙන් සමාව ඉල්ලන බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි ප්‍රකාශ කළා.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් මේ වන විට මහජනතාව දැඩි අසීරුතාවයට පත්ව තිබෙන අතර ජනතාව ඒ වෙනුවෙන් විශාල වශයෙන් පෝලිම්වල රැඳී සිටින ආකාරය දැක ගන්නට ලැබුණා.
කෙසේ වුවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අද (28) සිට දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර 1,000 බැගින් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.