ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇති සුදුසුකම් අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කර තිබෙනවා.
වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට අපොහොසත් වීම නිසා වර්තමාන ජනාධිපතිවරයා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරඟ කිරීමට සුදුසු නැති බව පෙන්වා දෙමින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.
නීතීඥයෙකු වන පෙත්සම්කරුට රුපියල් 50,000ක අධිකරණ ගාස්තුවක් ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.