සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රිපීටර් ෂොට් ගන් වර්ගයේ ගිනි අවි දෙකක් මිලදී ගැනීමටත් ඒ්වා ධුරයෙන් ඉවත් වූ පසුව ද ළඟ තබා ගැනීමටත් අවසර දීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් ගෙන ඇති තීරණය අතිශයින් භයානක බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.
The Morning පුවත්පතට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මෙවන් අවසරයක් ලබා දීම මැතිවරණ අල්ලසකට සමාන බවයි.
ජාතික ජන බලවේගය මෙම තීරණය ප්‍රතික්ෂේප කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා රජය විසින් දැනට ලබා දී ඇති පිස්තෝල භාරගැනීම ද තම පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.