Sat. Jun 28th, 2025

බංග්ලාදේශ් අරගලකරුවෝ හතුරුසිංහ පන්නති

Aug28,2024 #news #sport

බංග්ලාදේශයේ ක්‍රිකට් සභාපති ෆාරුක් මොහොමඩ් විසින් ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ එම ජාතික කණ්ඩායමේ පුහුණුකරු වන ශ්‍රී ලංකාවේ චන්දික හතුරුසිංහ ඉතා ඉක්මනින් ඉවත් කරන බවයි.

ඔහු හතුරුසිංහගේ භූමිකාව දැඩිලෙස විවේචනය කර තිබෙනවා. බංග්ලාදේශ ක්‍රිකට් සාර්ථකත්වය සාමූහිකත්වය නිසා ගොඩනැගුණු බවත් හතුරුසිංහ මැජික්කාරයෙකු නොවන බවත් ඔහු පවසා තිබුණා.

මෙයට සතියකට පෙර ෆාරුක් බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ධුරය භාර ගනු ලැබුවා. 2025 චැම්පියන් තරඟාවලිය තෙක් හතුරුසිංහගේ ගිවිසුම ක්‍රියාත්මක වුවද ඉදිරි දින කිහිපයේදී ඔහු ඉවත් විය යුතු බව නව සභාපතිවරයා අවධාරණය කරනු ලැබුවා.

2016 දී ද ෆාරුක් එරට ක්‍රිකට් සභාපති ලෙස පත් වූ අතර එහිදී ද ඔහුට ඉල්ලා අස් වීමට සිදු වුණා. ඒ හතුරුසිංහ එම රටේ පුහුණුකරු තනතුර භාර ගැනීමෙන් අනතුරුවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *