ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශක Jake Sullivan මහතා චීනයට පැමිණ තිබෙනවා.
හෙතෙම ඊයේ (27) පස්වරුවේ බෙයිජිං අගනුවරට ළඟා වූ බවයි වාර්තා වන්නේ.
එහිදී චීන-ඇමරිකා උපායමාර්ගික අදහස් හුවමාරු කිරීමේ නව වටයට ද Jake Sullivan මහතා සහභාගි වීමට නියමිතයි.
ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශකවරයකු චීනයට පැමිණියේ වසර 8 කට පසුව වීම විශේෂත්වයක්.
මෙම සංචාරය, Jake Sullivan මහතා සිය ධුරයට පත්වීමෙන් පසු නිරත වන ප්‍රථම චීන සංචාරය ද වනවා.
එමෙන්ම එය දෙරට නායකයන් San Francisco හමුවේදී එළඹුණු ද්විපාර්ශ්වික එකඟතා ක්‍රියාත්මක කිරීමේ වැදගත් පියවරක් වනු ඇති බව ද වාර්තා වනවා.