ජනාධිපති අපේක්ෂකයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශයන් මගින් වැඩිම ණය බර උසුලන අපේක්ෂකයා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන දිලිත් ජයවීර බව සඳහන් වෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මෙම වාර්තාවට අනුව ඔහුගේ ණය බව රුපියල් මිලියන 411.56ක් බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ විජයදාස රාජපක්ෂ කිසිඳු ණය බරකින් තොර බව වැඩි දුරටත් වාර්තා වෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මිලියන 95.31ක ණය බරක් සහ නාමල් රාජපක්ෂ මිලියන 81.79ක ණය බරක් උසුලා සිටින බව සඳහන්.
ඊට අමතරව සරත් ෆොන්සේකා මිලියන 51.5ක, ජනක රත්නායක මිලියන 50ක සහ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මිලියන 0.8ක ණය බරකින් යුක්තයි.