Sat. Jun 28th, 2025

සූර්පිට රාජකාරි කළ සැරයන් 2කට වැඩ වරදී

Aug28,2024 #news #police

අත්තනගල්ල ඌරාපොලදී ඊයේ (27) දින අලුයම් කාලයේ මත්පැන් පානය කර සේවයේ යෙදී සිටි බව කියන සැරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගම්පය ජෙ.පො. අධිකරි කාර්යාලය පවසනවා.

නිට්ටඹුව මූලස්ථාන පොලිසියට සහ ගනේමුල්ල පොලිසියට අනුයුක්තව රාජාකාරි කළ සැරයන්වරු දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලොරි රථ රියදුරෙක් විසින් 118 ආරක්ෂක අමාත්‍යංශ අංකයට දුන් ඇමතුමක් අනුවයි.

දැනුම්දීමට අනුව වහා ක්‍රියාත්මක වූ අත්තනගල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා මේ දෙදෙනා රාජකාරිවලින් ඉවත් කර වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර තිබෙනවා.

ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙන බව පොලිස් ආරංචිමාර්ග පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *