පන්දු වාර විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පළමු ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංග ට හිමිව තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විස්සයි-20 ක්‍රීඩක නවතම ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳු එම ස්ථානයට පත්ව ඇති අතර, බංග්ලාදේශයේ සකීබ් අල් හසන් ද වනිඳු හා සමතැන් ගෙන සිටි.
විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය ද වනිඳු හසරංගට හිමි වී ඇත.
වනිඳුට අමතරව මහීෂ් තීක්ෂණ එහි 5 වැනි ස්ථානයට පත්ව ඇති අතර විස්සයි-20 පිතිකරුවන් අතර 20 වැනි ස්ථානය කුසල් මෙන්ඩිස්ට හිමි වී ඇත.
පැතුම් නිස්සංක 24 වැනි ස්ථානයේ ද චරිත් අසලංක 32 වැනි ස්ථානයේ ද පසු වෙති.