Sat. Jun 28th, 2025

ට්‍රම්ප්ට එරෙහිව නැවතත් අධිචෝදනා

Aug28,2024

ඇමරිකා ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නැවතත් අධිචෝදනා ගොනු කර තිබෙනවා.

ජෝ බයිඩෙන් සමඟ තරග කර පරාජය වීමෙන් පසු 2020 මැතිවරණයට මැදිහත් වීමට උත්සාහ කළ බවටයි ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකා අධිකරණ දෙපාර්තමේන්තුවේ විශේෂ නීතීඥ ජැක් ස්මිත් මෙම අධි චෝදනා පත්‍රය ගොනු කර තිබෙනවා.

මීට පෙරද මේ සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූ අතර එම චෝදනා පත්‍රය සංශෝධනය කර මෙවර ඉදිරිපත් කිරීම විශේෂත්වයක්.

ජනාධිපතිවරුන් ඔවුන්ගේ ධුර කාලය තුළ සිදුකරන ක්‍රියාවන් සඳහා නඩු පැවරීමෙන් නිදහස් වන බවට මෑත කාලීන ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට බලපෑමක් කළ හැකි ආකාරයෙන් නැවත සකස් කරන ලද අධිචෝදනා පත්‍රයේ ට්‍රම්ප්ට එරෙහිව සාපරාධී චෝදනා හතරක් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණයට ඇඟිලි ගැසූ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

මීට පෙර ද ඔහු සියලු චෝදනාවලට නිවැරදිකරු බව පිළිගෙන තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *