Sat. Jun 28th, 2025

හිටපු WWE ශූරයෙක් මියගිහින්

Aug28,2024 #sport #wrestling #wwe

හිටපු WWE ශූරයෙක් වන Sid Eudy මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දීර්ඝ කාලයක් පිළිකා රෝගයකින් පෙළුණ ඔහු මිය යන විට 64 වැනි වියේ පසු වුණා.

ඔහුගේ පුත් Gunnar Eudy ෆේස්බුක් සටහනක් තබමින් තම පියාගේ මරණය නිවේදනය කර තිබුණා.

1960 වසරේ එක්සත් ජනපදයේ ආකැන්සාස්හි උපත ලද Sid Eudy 1989 දී ලෝක ශූරතා මල්ලවපොර (WCW) තරඟාවලියට සම්බන්ධවීමෙන් මල්ලවපොර පිටියට පිවිසියා. පසුව Sid Justice, Sid Vicious සහ Sycho Sid මැයෙන් කතාබහට ලක් වූ ඔහු එවකට වඩාත්ම බලගතු සහ බිහිසුණු තරගකරුවෙක් වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *