Sat. Jun 28th, 2025

ජාත්‍යන්තර බොක්සිං තරගාවලියක දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 02ක්

Aug28,2024

තායිපේ සිටි කප් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ දී ශ්‍රී ලාංකික යොවුන් බොක්සිං ක්‍රීඩකයින් රන් පදක්කම් 02 ක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන තිබෙනවා.

ඔවුන් ඊයේ (08/27) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය ඉකුත් 08/22 දින සිට 08/25 දින දක්වා තායිවානයේ තායිපේ නුවර ප්‍රථම වතාවට ලෝකයේ යොවුන් බොක්සිං ක්‍රීඩකයින් වෙනුවෙන් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා රටවල් 08 ක යොවුන් බොක්සිං ක්‍රීඩකයින් සහභාගී වී සිටියා.

මොවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් මෙන්ම මෙම යොවුන් බොක්සිං ක්‍රීඩකයින්ගේ පාසැල් වල විදුහල්පතිවරුන් , ගුරුභවතුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *