මහනුවර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාල 20ක විශ්රාමිකයන් 209 දෙනෙකුට මූලික වැටුප් හා ජීවන වියදම් දීමනාව වශයෙන් කෝටි 5කට අධික මුදලක් වැඩිපුර ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
මින් කෝටි 3කට ආසන්න මුදලක් පසුගිය වර්ෂය වන විටත් අයකරගෙන නොතිබූ බව විගණන වාර්තා මගින් දක්වා තිබෙනවා.
විදෙස්ගතව සිටින විශ්රාමිකයන් 118 දෙනෙකුට 2022 සහ 2023 වර්ෂවලදී ලක්ෂ 33කට අධික මුදලක් ප්රාදේශීය ලේකම් කාර්යාල 14කින් වැඩිපුර ගෙවා තිබූ බවත් 2023 වසරේ අවසානය වනවිට දිස්ත්රික් ලේකම් කාර්යාල 11කින් විශ්රාමිකයන් 79 දෙනෙකුගෙන් රුපියල් පහළොස් ලක්ෂයකට වැඩි මුදලක් අය කර ගත යුතුව පැවති බවත් ජාතික විගණන කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරනවා.