Fri. Jun 27th, 2025

රනිල්ගේ අභියෝගයට බෝපගේ අභියෝග කරයි

IMF සම්බන්ධයෙන් විවාද කරන්නට එන්නැයි රනිල් වික්‍රමසිංහ අනෙක් පක්ෂවලට ආරාධනා කළත් ඔහු ආරාධනා කරන විවාදවලට යන්නට තරම් වෙනස් ප්‍රතිපත්ති ඒ පක්ෂවලට නොමැති බව ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ ප්‍රකාශ කළා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ මහරගම නගරයේ පැවැති ජන රැළියක් අමතමින්.

“ඊයෙ රනිල් කියනවා අයි එම් එෆ් තමයි එකම ප්‍රතිපත්තිය, ඒ නිසා ඒ ගැන විවාද කරන්න අනිත් පක්ෂවලට ආරාධනා කරනවා කියලා. අපි අහන්නේ ඔය රනිල් කතාකරන විවාදවලට යන්න තරම් වෙනස් ප්‍රතිපත්තිය ඔය කියන පක්ෂවලට තියනවද? ඒ නිසා පාළුගෙයි වළං බිඳින විවාද එපා. රනිල් එක්ක ඔය අනිත් අපේක්ෂකයො ඔක්කොම එක පැත්තෙ තියලා අපි එක පැත්තක තනියම ඉඳගෙන විවාද කරන්න අපි ලෑස්තියි කියලා අපි රනිල්ට අභියෝග කරනවා.” යනුවෙන් නුවන් බෝපගේ එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *