දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකේදී අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇති විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වන වාර්ෂික සමුළුවට එක්වෙමින්.
“මේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ කෙටිකාලීනව වේදනාකාරීයි. නමුත් තිරසර ආර්ථික වර්ධන මාවතක් කරා යොමුකිරීම සඳහා දිගු කාලයක් පමාවී තිබූ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී සියලු පාර්ශ්වයන්ගේ කැපවීම වැදගත්. කෙසේ වුවත් මේ ළඟා කරගත් ප්‍රතිඵල දේශපාලන හෝ සමාජයීය අවිනිශ්චිතතාවයකින් හෝ දැඩි ප්‍රයත්නයකින් ආපසු හැරවීමක් සිදුවුවහොත්, ප්‍රතිංස්කරණ ක්‍රියාවලියට දැඩි පීඩනයක් එල්ල වෙනවා. ඒ වගේම ආර්ථිකයේ අපේක්ෂිත ගමන් මඟ වෙනස් වෙලා ආර්ථිකයට හානිකර නැවත ගොඩනැගිය නොහැකි අන්දමේ බලපෑමක් ඇති වෙන්න පුළුවන්. පසුගිය වසර දෙකේදි අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් උනත් නැවත ඇති වෙන්න පුළුවන්.” යැයි මහබැංකු අධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.