Sat. Jun 28th, 2025

බහරේනයේ සේවයට පැමිණෙන විදෙස් ශ්‍රමිකයින්ට අලුතින් හිමි වන දේ

Aug27,2024

බහරේනයේ රැකියා සඳහා, එරට ගුවන් තොටුපොලින් ඇතුළුවන සියළුම විදෙස් ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර බැංකු ගිණුමක් (IBAN- International Bank Account Number) ලබාදීමට බහරේනයේ කම්කරු වෙළඳපොල නියාමන අධිකාරිය (LMRA) පියවර ගෙන තිබෙනවා.

මෙය මෙම වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරන බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ

විදෙස් ශ්‍රමිකයින්ට මෙම ජාත්‍යන්තර බැංකු ගිණුම් හඳුන්වාදීම මගින් ශ්‍රමිකයා හා සේවා යෝජකයා අතර, ගෙවීම් තහවුරුවක් ලබාගැනීම හා නිවැරදි ගනුදෙනු සිදුකිරීම සහතික කිරීම අපේක්ෂා කරනවා.

එසේම ශ්‍රමික අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, ඔවුන්ගේ වැටුප් ගෙවීම් බැංකු මාර්ගයෙන් සිදුකිරීම විධිමත් කිරීමත්, වැටුප් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරීම අවම කිරීමත් බහරේන් රජය බලාපොරොත්තුයි.

මේ පිළිබඳව වැඩි විස්තර බහරේනයේ කම්කරු වෙළඳපොල නියාමන අධිකාරිය (LMRA) හි වෙබ් අඩවිය වන www.lmra.gov.bh වෙත පිවිසීමෙන් හා 00973-17506055 අංකය ඇමතීම මගින් ලබාගත හැකියි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *