Thu. Jun 26th, 2025

කච්චතිවු මුහුදේ අනතුරට පත් ධීවර යාත්‍රාවේ දෙදෙනෙක් තවමත් අතුරුදහන්

Aug27,2024

ශ්‍රී ලංකාවට උතුරු දෙසින්, කච්චතිව් දූපතේ සිට නාවික සැතපුම් 08 ක් පමණ දුරින් ඉන්දීය මුහුදු කලාපයේදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට අද ( 27 ) දින නාවික හමුදාව කටයුතු කර තිබෙනවා .

කච්චතිව් දූපතේ ශ්‍රී ලංකා නාවික හමුදා අනුඛණ්ඩය වෙතින් එම දූපතේ වෙරළ තීරයේ අද ( 27 ) දින උදෑසන සිදුකළ පාමුර සංචාරයකදී එම වෙරළ තීරයට පිහිනා ආ පුද්ගලයෙකු නිරීක්‍ෂණය වී තිබෙනවා .

එම පුද්ගලයාගෙන් සිදුකල කරනු විමසීමේදී, ඔහු ඉන්දීය ජාතික ධීවරයෙකු බවයි අනාවරණය වී තිබෙන්නේ

ඔවු පවසා ඇති ආකාරයට ධීවර කටයුතු සිදුකරමින් සිටියදී මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් ධීවරයන් සිව්දෙනෙකු රැගත් ඔවුන් පැමිණි ධීවර යාත්‍රාව මුහුදේ පෙරළී ආපදාවට පත් වීමෙන් කච්චතිව් දූපත දෙසට පිහිනා ආ බව ප්‍රකාශ කර තිබෙනවා .

ඒ අනුව, නාවික හමුදාව විසින් කච්චතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදා යාත්‍රා යොදවා ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ධිවරයින් මුදවා ගැනීම සඳහා සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමටයි කටයුතු කර ඇත්තේ .

එම මෙහෙයුමේදී ඔවුන් ගමන් කළ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් සිටි තවත් ධීවරයෙකු මුදාගැනීමටයි නාවික හමුදාව පියවර ගෙන තිබෙන්නේ .

ඔවුන් ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින අතර, පවත්නා රළු මුහුදු ස්වභාවය හමුවේ වුවද, අනෙක් ඉන්දීය ධීවරයින් දෙදෙනා (02) සොයා කච්චතිව් දූපතට ඔබ්බෙන් වු මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සෙවීම් සහ මුදවා ගැනීමේ මෙහෙයුම අඛණ්ඩව සිදුකරන බව නාවික හමුදාව ප්‍රකාශ කර සිටියා .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *