පොලිස් අත්අඩංගුවට පත් වන පුද්ගලයන් වෙත කෲර ලෙසින් සැලකීම සහ වධ හිංසනයන්ට ලක්වීම සඳහා අධිකරණය විසින් ලබා දුන් නියෝග පල රහිත වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය පවසනවා.
ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා විසින් අදාළ නියෝග සසැලකිල්ලට භාජනය කර නැති බව පැවසූ ශ්‍රේෂ්ඨාධිකරණය අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් වධ හිංසාවල භාජනය වීම වැලැක්වීම සඳහා විවිධ නියෝග, අවවාද, මාර්ගෝපදේශ නිකුත් කළ බව වැඩිදුරටත් පවසනු ලැබුවා.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ පවසා ඇත්තේ, 2009 වසරේ දී කැළණිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට පහරදී අවමන්සහගත ලෙස සැලකු බවට එම සිසුන් විසින් පොලිසියට විරුද්ධව පවරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදීයි.