Fri. Jun 27th, 2025

ස්වීස්ටර්ලන්තයේ සිට පැමිණි අයෙක් ඝාතනය කරලා

Aug27,2024

ස්විස්ටර්ලන්තයේ සිට නිවාඩුවකට පැමිණි දෙමළ වැසියෙකු වවුනියාව සීන්නඅඩම්පන් ප්‍රදේශයේ නිවසකදී ඝාතනය කර දමා සිටියදී පොලීසිය ඔහුගේ මළ සිරුර ඊයේ (26) සවස සොයාගෙන තිබෙනවා

සෙල්වතුරෙයි විමලනාදන් නැමති 65 හැවිරිදි මෙම පුද්ගලයා නිවාඩුවකට පැමිණ සිටියදී සවස් කාලයේ සාදයක් සඳහා ඔහුගේ මිතුරෙකුගේ නිවසකට ආරාධනයක් ලැබී ඇති අතර එම අවස්ථාවේ මිතුරන් මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ බහින්බස් වීමක් මත යකඩ පොල්ලකින් ඔහුගේ හිසට පහර දී ඝාතනය කොට ඇති බවටයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

සාදයට ගිය පුද්ගලයා නිවසට නොපැමිණීම නිසා ඒ සම්බන්ධයෙන් කනගරායන්කුලම පොලීසියට ඥාතීන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය සිදු කළ විමර්ශනයකදී මළ සිරුර හමු වී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *