පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට පත්වූ ඡන්දදායකයකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකි පරිදි නීති ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
එහෙත් එම කැටුව යන සහායකයා වයස අවුරුදු 18 ට සම්පූර්ණ වූ අයකු විය යුතු අතර එසේම ඔහු මෙම ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් නොවන්නකු විය යුතුයි.
එමෙන්ම එම සහායකයා මෙම ඡන්ද විමසීමේදී යම් අපේක්ෂකයෙකුගේ බලයලත් නියෝජිතයෙකු, ප්‍රාදේශීය නියෝජිතයකු හෝ ඡන්දපොළ නියෝජිතයකු වශයෙන් කටයුතු නොකරන්නකු විය යුතු බව මැතිවරණ කොමිසම නිවේදනය කළා
යම් ඡන්ද දායකයකු සහායකයකු කැටුව යාම සඳහා ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ පනතේ පස්වන උපලේඛනයෙන් හඳුන්වා දී ඇති යෝග්‍යතා සහතිකයක් අදාළ ඡන්දපොළෙහි නිලධාරීන් ට ඉදිරිපත් කළ යුතු අතර එම යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.