Sun. Jun 29th, 2025

ලබන වසරට පෙළ පොත් අච්චු ගහන්න කැබිනට් අනුමැතිය

Aug27,2024

2025 වර්ෂයේදී නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

2025 වර්ෂය සඳහා මුද්‍රණය කිරීමට නියමිත පෙළ පොත් වර්ග 317න් පෙළපොත් වර්ග 71ක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් මුද්‍රණය කරවා ගැනීමට 2024-04-01 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බවයි අද මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ

2025 වර්ෂයේදී පාසල් දරුවන් වෙත නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය ඉතිරි පාසල් පෙළපොත් වර්ග 246 මුද්‍රණය කරවා ගැනීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවා තිබෙනවා.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අවම මිල ගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති මුද්‍රණ ආයතන 24 ක් වෙතින් 1, 6 සහ 10 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණි වල පෙළ පොත් මුද්‍රණය කරවා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *