Sat. Jun 28th, 2025

පියල් නිශාන්ත පුද්ගලික හේතුවකට රාජ්‍ය වගකීම් අත්හරියි

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතනවල වගකීම්වලින් ඉවත් වීමට තීරණ කර තිබෙනවා.

ඒ පිළිබඳව ඔහු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට දැනුම් දීමට ද කටයුතු කර ඇති බව සඳහන්.

රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා සිය වගකීම යටතේ පැවතුණු ලංකා ධීවර සංස්ථාව, නාරා ආයතනය, සීනෝර් ආයතනය, නෝර්ත් සී යන ආයතනවලින් ඉවත් වීමට පියවර ගෙන ඇති  බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

තමන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා එක්ව ධීවර ජනතාව වෙනුවෙන් අඛණ්ඩව සේවය කරන බවත් තමන්ට ඇති පුද්ගලික හා රාජකාරීමය හේතු කිහිපයක් මත මෙම තීරණය ගත් බවත් අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසා තිබෙනවා.

කෙසේ වුවත් පියල් නිශාන්ත අමාත්‍යවරයා අල්ලස් ඉල්ලා තමන්ට තර්ජනය කරන බවත් අල්ලස් නොදුන් විට විවිධ මාර්ග ඔස්සේ මරණීය තර්ජන සිදු කරන බවත් චෝදනා කරමින් සීනෝර් ආයතනයේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මීට මාස කිහිපයකට පෙර ඉල්ලා අස් වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *