Sun. Jun 29th, 2025

ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Aug27,2024

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

උතුරෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් අට දෙනා තලෙයිමන්නාරම වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව තිබෙනවා

තවද, මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා හතලිස් හයක් සහ ඉන්දීය ධීවරයින් තුන්සිය හතලිස් එක් දෙනෙකු නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *