Sun. Jun 29th, 2025

ලක්ෂ 300ක අල්ලසක් ගත් බව කියූ ලංකා පොදුජන පක්ෂයේ සභාපති – ලේකම් යළි රිමාන්ඩ්

Aug27,2024

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත්වීම සඳහා පක්ෂය ලබාදීමට රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති හා ලේකම්වරයා ලබන 10 වැනි දින දක්වා යළි බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) නියෝග කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.

අනතුරුව බන්ධනාගාර ගත කර සිටි හක්මන,හේවා වලිමුණිගේ නිහාල් ප්‍රේම කුමාර,දෙනගම රුවන්තිලක පේදුරුආරච්චි මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මේ වන විට ඇපමත මුදාහැර සිටින නිත්‍ය ලේකම් වන සිදුවේ පදිංචි මාර්ටින් සරච්චන්ද්‍ර වීරවර්ධන, කුත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් වන හක්මන රංගන කුමාර පියදර්ශන,ගල් නෑවේ චන්දන සුගත් නිශාන්ත, ඔහුගේ බිරිඳ ගල්නෑවේ කපුරු බණ්ඩාගේ නිල්මිණී පුෂ්ප කුමාරි,හක්මන නිලුෂි සේනානායක හා ගම්පොළ සන්ධයා කුමාරී ස්වර්ණලතා ජන සැකකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසටද නියෝග කළා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *