Sat. Jun 28th, 2025

සජිත්ගෙන් උතුරට පොරොන්දුවක්

එක් රටක් තුළ උපරිම බලය බෙදීමේ ප්‍රතිපත්තියක් සිය රජය යටතේ ක්‍රියාත්මක කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය නගරයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

“උතුරු නැගෙනහිර බලප්‍රදේශ සංවර්ධනය කරන, ජාත්‍යන්තර ආධාරක සමුළුවක් අපි අනිවාර්යයෙන්ම පවත්වලා, උතුරු නැගෙනහිර සංවර්ධනය කරනවා. ඒ වගේම විශේෂයෙන්ම එක රටක් තුළ උපරිම බලය බෙදල ජනතාව බලය බෙදීම තුළින් සවිබල ගන්වා ඒ උපරිම බලය බෙදීම එක රටක් තුළ ක්‍රියාත්මක කිරීම අපේ ප්‍රතිපත්තිය බවට පත්කරනවා. ඒ වගේම පළාත් සභාවලට ලබාදීලා තියෙන ඒ වගකීම අත්තනෝමතික ලෙස මධ්‍යම ආණ්ඩුව උදුරාගත් යුගය අපි නතර කරනවා.” යැයි ඔහු එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *