Sun. Jun 29th, 2025

සුඩානයේ වේල්ලක් කැඩී 60ක් මරුට

Aug27,2024

සුඩානයේ වේල්ලක් බිදීයාමෙන් පුද්ගලයින් 60ට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඊසානදිග සුඩානයට මේ දිනවල අධික වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

එම අධික වර්ෂාවත් සමග ඊසානදිග සුඩානයේ අර්බට් වේල්ල බිදීයාමට ලක්වුණා.

ඒ සමගම ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

හදිසි ගංවතුර තත්ත්වයත් සමඟ නිවාස රැසකට හානි සිදුවී ඇති බවද සදහන්.

ගංවතුරට හසුව අවතැන්ව සිටින පිරිස් මුදාගැනීම සදහා සහන කණ්ඩායම් යෙදවීමට ද සුඩාන ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

වේල්ල බිදී යාමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බවටයි සහන කණ්ඩායම් අනතුරු අගවන්නේ.

2023 වසරේ සිට සුඩාන හමුදාව හා කැරළි කණ්ඩායම් අතර ගැටුම් හටගෙන එරට ජනතාව දැඩි පීඩාවට මුහුණදී සිටින පසුබිමකයි අයහපත් කාලගුණයෙන් ද ඔවුන්ට බලපෑම් එල්ලවී ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *