ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මේවනවිට ඇති හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන්ත බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව දැනුම් දී ඇත්තේ.
මේ අනුව නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දීමට රජය විසින් පියවර ගෙන ඇති අතර ඒ සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම මගින් විදේශීය සමාගමකට විදේශ ගමන් බලපත්‍ර සැපයීම සඳහා ටෙන්ඩරයක් දැනටමන් ප්‍රදානය කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් විදේශ ගමන් බලපත්‍ර තොග සීමිත වීම සැලකිල්ලට ගෙන ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ඇණවුම් කළ සමාගමෙන්ම එම ඇණවුමෙහිම කොටසක් වශයෙන් සාමාන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර 50,000ක් සපයා ගැනීමට කටයුතු කර තිබෙනවා.
මෙම විදේශ ගමන් බලපත්‍ර තොගය ඔක්තෝබර් මස අවසානයේ හෝ ඊට පෙර දිවයිනට ළඟා වීමට නියමිත බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.