Sat. Jun 28th, 2025

ෆේස්බුක් මත විමසුම් නැවැත්වීමට අවධානය

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කරන මත විමසුම් සමීක්ෂණ නතර කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අවධානය යොමු කර තිබෙනවා.

මෙම සමීක්ෂණ හේතුවෙන් ඇතැම් අපේක්ෂකයන්ට අගතියක් සිදුවන බවත් මෙම මත විමසුම් සිදුකරන්නන් කවුදැයි හඳුනා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ දිනවල අධ්‍යයනයක්ද සිදු කරමින් සිටින බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

එම අධ්‍යයනයේ තොරතුරු මත පදනම්ව මෙම මත විමසුම් නතර කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉදිරි සතියේදී සාකච්ඡා කරන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *