Thu. Jun 26th, 2025

කෝටි 4ක හොර බඩු එක්ක කොටුවුණු අය

Aug26,2024

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් කෝටි 4ක් පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ඉන්දියාවේ සිට අද (26) උදෑසන මෙරට ට පැමිණි බවයි වාර්තා වුණේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළෙ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔවුන් දෙදෙනා සහ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ භාණ්ඩ සිය භාරයට ගෙන තිබුණා

ගෙන ආ භාණ්ඩ අතර විදේශීය මත් පැන්, විවිධ වර්ගයේ දුම්වැටි, ක්‍රීම් වර්ග, වාහන අමතර කොටස් සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන කතුරු තිබූ බව සඳහන්

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කරුවන් වන එම දෙදෙනා සහ නීතිවිරෝධීව රැගෙන ආ භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා රේගුවට භාරදී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *