මාරවිල කුරුස පල්ලිය ආසන්නයේ වෙරළ තීරයේ දිය නෑමට ගිය වයස අවුරුදු 18 ක තරුණයකු අතුරුදහන් වී ඇති බව මාරවිල පොලිසිය සඳහන් කරනවා.
මෙසේ අතුරුදන් වී ඇත්තේ වැලිපැන්නගහමුල්ල ඉලෙප්පුගමුව කන්දෙවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ තරුන් සන්දීප දිසානායක නැමැති තරුණයෙක්.
ඊයේ සවස 5 .30 ට පමණ යහළුවන් පිරිසක් සමග දිය නෑමට අතුරුදහන් වූ තරුණයා පැමිණ තිබෙනවා.
ඔවුන් දිය නාමින් සිටියදී එකවරමින් පැමිණි රළ පහරකට ඔහු දියේ ගසාගෙන ගොස් ඇති අතර අනතුරුව යහළුවන් පිරිස කෑසීමෙන් අසල සිටි අය පැමිණි ඔහු බේරා ගැනීමට උත්සාහ කළද ඒ වන විටත් ඈත දියඹට ගසා ගෙන
ගොස්තිබීම හේතුවෙන් බේරා ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධ මාර්ග පොලිසිය පරීක්ෂණ පවත්වනවා.