Sat. Jun 28th, 2025

තවත් ඡන්දයකට නාමයෝජනා කැඳවයි

2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය අද (26) දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

අද සිට සැප්තැම්බර් 11 වන දින මධ්‍යහ්න 12 දක්වා (මෙම කාලය අතරතුර එළැඹෙන සෙනසුරාදා හා ඉරිදා දිනවල දී හැර) ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාරගන්නා බවත් සැප්තැම්බර් 9 සිට සැප්තැම්බර් 12 දිනවලදී ගාල්ල දිස්ත්‍රික් ලේකම් දිසාපති කාර්යාලයේදී නාමයෝජනා භාර ගන්නා බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *