Sun. Jun 29th, 2025

සොරකමේ ගොස් පොතකට රහ වැටුණු සොරා පොලිසියට කොටුවෙයි – අනේ පොත ඔක්කොම කියවගන්න බැරි වෙන්න ඇති – පොතක් යවනවා – පොතේ රචකයා කියයි

Aug26,2024

පසුගිය දිනක රාත්‍රියක ඉතාලි අගනුවර නේවාසික ගොඩනැගිල්ලක පිහිටි නිවෙසකට ඇතුළු වී සොරකමේ ගිය පුද්ගලයෙකු එහි කුටියක තිබූ ග්‍රීකයේ මහා කවි හෝමර් විසින් ඉලියඩ් වීර කාව්‍ය කෘතිය දැක නිවෙසේ සඳළුතලයට වී එය කියවමින් සිටියදී ඔහු හසු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

38 හැවිරිදි මේ පුද්ගලයා සඳළුතලයට වී පොතක් කියවමින් සිටිනු ගෙහිමියා දැක ඇති බවයි වාර්තා වන්නේ

අනතුරුවඔහු ඒ බව පොලිසියට දැනුම් දී තිබෙනවා.

ගෙහිමියා දැකීමෙන් පසු එම සඳළුතලයෙන් පැන පලායෑමට උත්සාහ කළ සොරා පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

මේ පුවත පිළිබඳ තොරතුරු වාර්තාවීමෙන් පසු එම කෘතිය ඉතාලි බසට පරිවර්තනය කරනු ලැබූ ලේඛකයා ප්‍රකාශ කර ඇත්තේ සොරාට එය අවසානය වනතෙක් කියැවීමට නොහැකි වූ බැවින් පොතේ පිටපතක් ඔහුට යැවීමට කටයුතු කරන බවයි..

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *