Sat. Jun 28th, 2025

පාකිස්ථානය සියතින් ගෙල සිඳ ගනී

සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය කඬුලු 10කින් ජය ගැනීමට බංගලාදේශය සමත් වුණා.

එය පාකිස්ථානයට එරෙහිව බංගලාදේශය වාර්තා කළ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම කඩුලු 06ක් දැවි ලකුණු 448ක් ලබා සිටියදී සිය ඉනිමට අත්හිටුවීමටයි කටයුතු කළා. එහිදී මොහොමඩ් රිස්වාන් නොදැවි ලකුණු 171ක් සහ සවුඩ් ෂකීල් ලකුණු 141ක් ලබාගත්තා. පන්දු යැවීමේ දී ෂොරිෆුල් ඉස්ලාම් සහ හසන් මහමූඩ් කඩුලු දෙක බැගින් බිඳහෙළීමටයි සමත් වුණා.

අනතුරුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු සංඛ්‍යාව 565ක් ලබා ගත්තා. එහිදී මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 191ක් ශඩ්මන් ඉස්ලාම් ලකුණු 93ක් ලබාගැනීමට සමත් වු අතර පන්දු යැවීමේදී නසීම් ෂාහ් කඩුලු තුනක් බිඳ හෙලුවා.

බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 117ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ පාකිස්ථාන කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 146ක් පමණයි.

එහිදී මොහොමඩ් රිස්වාන් ලකුණු 51ක් ලබගත් අතර මෙහිදි හසන් මිරාස් කඩුලු 04ක් සහ ශකිබ් අල් හසන් කඬුලු 03ක් බිඳහෙලුවා.

ජයග්‍රහණය සඳහා බංගලාදේශයට හිමි වූ ලකුණු 30ක ඉලක්කයක් කිසිදු කඩුල්ලක් නොදැවි පසු කර යාමට ඔවුන් සමත් වුණා.

කඩුලු 06ක් දැවි ලකුණු 448ක් ලබා සිටියදී සහ රිස්වාන් නොදැවී ලකුණු 171ක් ලබා සිටියදී පාකිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබෙනවා. එම තීරණය නොගත්තා නම් මෙම තරගයේ තීරණය ද වෙනස් වීමට ඉඩ තිබූ බවයි, බොහෝ දෙනා පෙන්වා දෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *