කාර්යාලයීය දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
රඹුක්කන දුම්රිය ස්ථානයේදී අද (26) උදෑසන මෙලෙස කාර්මික දෝෂයකට ලක්වී ඇත්තේ රඹුක්කන සිට පානදුර දක්වා ධාවනය වූ දුම්රියක්.
මේ හේතුවෙන් උදෑසන කාර්යාලීය දුම්රිය කිහිපයක් ප්රමාද වී ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.