මෙරට ප්රවාහන සංගම් 12ක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහට සහය පළ කරන බව ප්රකශ කර තිබෙනවා.
පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු පිරිසක් ජනාධිපති රනිල් වික්රමසිංහගේ දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වී මේ බව ප්රකශ කළා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, පොදුජන පෙරමුණ බස් සංගමය, බහාලුම් ප්රවාහන සංගමය, සමස්ත ලංකා පාසල් බස් රථ සංගමය ඇතුළු ප්රවාහන සංගම් 12ක නියෝජිතයින් මෙම අවස්ථාවට එක් වී සිටියා.