Sat. Jun 28th, 2025

පූනාගල කඳු රක්ෂිතයේ ගින්නක්

Aug26,2024

වැල්ලවාය පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ හටගත් ගින්නෙන් විශාල ප්‍රදේශයක් විනාශයට පත්ව තිබෙනවා.

කොස්ලන්ද පූනාගල කඳු පන්තියේ වැල්ලවායට ඉහළ කොටසේ ගින්න හටගැණුනේ ඊයේ (25) පස්වරුවේයි.

ප්‍රදේශයේ පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා.

ඊයේ රාත්‍රිය පුරා පැතිර ගිය ගින්න හේතුවෙන් පූනාගල කදු රක්ෂිතයේ විශාල භූමි ප්‍ර දේශයක් විනාශයට පත්ව තිබෙනවා.

අද (26) අලුයම වනවිට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට හැකි වූ බවයි පොලීසිය සදහන් කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *