ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සුගතපාල සෙනරත් යාපා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 89 වෙනි වියෙහි පසු වුණා.
‘හන්තානේ කතාව‘, ‘පෙම්බර මධු’, ‘ඉන්දුට මල් මිටක්’ ආදී චිත්‍රපට රැසක් දේශීය සිනමාවට දායාද කළ ඒ මහතා ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටය වෙනුවෙන් 1965දී ඉන්දීය ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලේදී රජත මයුර සම්මානය දිනාගත්තා.
එමෙන්ම, ‘පස්වැන්න’, ‘ගරුඩගල’, ‘උඩවැඩියා මල් දෙකක්’, ‘අනාගතය උපන් දවස’, ‘ඉසුරු සයුර’, ‘දළදා සිරිත’, ‘ආචාර්ය කොල්වින්’, ‘රන්දිය දහර’, ‘අපට හෙටක් ඇත’ සහ ‘පියා සහ දරුවෝ’ වැනි වාර්තා චිත්‍රපට රැසක් ද ඔහු විසින් නිර්මාණය කළා.
සිනමාවට කලාකරුවන් රැසක් හඳුන්වා දෙමින් විශ්වවිද්‍යාල සිනමා පාඨමාලාවල බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ සුගතපාල සෙනරත් යාපා මහතා කලක් ජාතික රූපවාහිනියෙහි නියෝජ්‍ය අධ්යක්ෂවරයකු ලෙසද කටයුතු කළා.