Sat. Jun 28th, 2025

දිලිත්ගේ පාටියට කොමිසමෙන් පනී: කෑම සීල්-බෝතල් පොලිසියේ!

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ජනපතිවරණය සඳහා ඉදිරිපත් වන ව්‍යාපාරික දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන් සූදානම් කර තිබූ සාදයක් අත්හිටුවීමට මැතිවරණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා තීරණය කර තිබෙනවා.

අනුරාධපුර මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ලැබුණු පැමිණිල්ලක් මත එහි නිලධාරීන් පිරිසක් පොලිසිය සමඟ පැමිණ හෝටලයේ සංග්‍රහය සඳහා සූදානම් කර තිබූ ආහාර වර්ග මුද්‍රා තබා ආරාධිතයන් වෙනුවෙන් ලබා දීමට තිබූ මත්පැන් බෝතල් පොලිසිය භාරයට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

විද්වත් හමුවක් ලෙස හඳුන්වා තිබූ මේ සඳහා 150ක පමණ පිරිසක් පැමිණ තිබුණා. ආහාර සහ පාන වෙනත් ස්ථානයකට හෝ රැගෙන යාමට අවසර දෙන ලෙස සංවිධායකන් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියද එයද ප්‍රතික්ෂේප කෙරුණා. හෝටලය අවට පොලිස් ආරක්ෂාවද යොදවා තිබු බව සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *