Sat. Jun 28th, 2025

මංගලගේ පුස්තකාලය කොටස් වෙයි

හිටපු අමාත්‍ය, අභවප්‍රාප්ත මංගල සමරවීරගේ පෞද්ගලික පොත් එකතුවෙන් කොටසක් ආයතන තුනකට පරිත්‍යාග කිරීමට පවුලේ සාමාජිකයන් තීරණය කර තිබෙනවා.

මංගල සමරවීරගේ අභාවයේ තුන් වැනි සංවත්සරය නිමිත්තෙන් ඔහුගේ මතකයට ගෞරවයක් එක් කිරීමේ අරමුණෙන් මෙම පරිත්‍යාගය සිදු කරන බව මංගලගේ පවුලේ සාමාජිකයින් ප්‍රකාශ කළා.

ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයට, යාපනය මහජන පුස්තකාලයට සහ මාතර මහජන පුස්තකාලයට මංගලගේ පෞද්ගලික පොත් එකතුවෙන් කොටසක් පරිත්‍යාග කරන අතර ඔහුගේ පොත් එකතුවෙන් කුඩා කොටසක් ඔහුගේ පවුලේ රැකවරණය යටතේ තව දුරටත් තබා ගනු ඇති.

පුස්තකාල විසින් පොත් ලේඛනගත කිරීමෙන් සහ තෝරා ගැනීමෙන් පසුව පොත් පරිත්‍යාග කිරීමේ උත්සවය ඔක්තොබර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *