මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රාජ්‍ය බදු පිළිබඳව විශේෂ හෙළිදරව්වක් හෙට (26) සිදු කරනු ලබන බව ප්‍රකාශ කරනවා.
හිඟ බදු අය කරගනිමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ බවත් බැංකු ගිණුම් 900ක් පමණ නවත්වා බදු මුදල් අය කර ගැනීමට පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.
එසේම එළඹෙන සඳුදා (26) දිනයේදී බදු පිළිබඳ සියලු තොරතුරු මාධ්‍ය වෙත හෙළිදරව් කිරීමට කටයුතු කරන බවයි, ඔහු අවධාරණය කළේ.