Sat. Jun 28th, 2025

දුක්බර කතාවක්: දරු ප්‍රසූතියේ බිරිඳ මිය ගියැයි සැමියා දිවි නසා ගනී!

Aug25,2024 #2024 #news

දරු ප්‍රසූතියකින් පසු ඇති වූ අසාත්මිකතාවකින් පසු සිය බිරිඳ මිය ගිය සොවින් සිය දිවි හානි කරගත් අයෙක් ගැන තොරතුරු වව්නියාවෙන් වාර්තා වෙනවා.

27 හැවිරිදි මෙම පුද්ගලයා කිසියම් විස ඇට වර්ගයක් කා ඊයේ (24) දිවි නසාගත් බවයි පැවසෙන්නේ.

මොහු සහ ඥාතීන් වෛද්‍යවරුන්ට චෝදනා කර තිබුණේ මිය ගිය කතගේ මරණය වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා සිදු වූ බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විමර්ශනයක් පවත්වා වෛද්‍යවරයෙකුගේ හෙදියන් දෙදෙනෙකුගේ සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දෙදෙනෙකුගේ සේවය තාවකාලිව අත්හිටුවා තිබුණා.

මරණයට ප්‍රථම මෙම තරුණ සැමියා අලුත උපන් දරුවා මව අහිමිව තනි වීම ගැන සිත් තැවුලෙන් සිටි බව පවුලේ ඥාතීන් පවසන බව සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *