වංචනික පිරිසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට දිගටම පැමිණිලි ලැබෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් එම පැමිණිලි වැඩි වශයෙන් ලැබී ඇති බව සඳහන්.
දේශීය ආදායම් නිලධාරීන් බදු ගෙවන්නන් වෙත ගොස් මුදල් තැන්පත් කිරීමේදී දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම්වලට පමණක් බදු මුදල් තැන්පත් කරන ලෙසයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.