පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එළැඹෙන සතියේදී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා.
පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් මේ වන විට කොමිසම සතුව නැති බවත් එම මැතිවරණය සඳහා සිදුකරන ලද මූලික වියදම් හැර අනෙකුත් සියලු ඉතිරි මුදල් මහා භාණ්ඩාගාරය වෙත ප්‍රතිපූර්ණය කර ඇති බවත් කොමිසමේ සභාපතිවරයා සඳහන් කරනවා.
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දුන් ඇතැම් අපේක්ෂකයින් මේ වන විට රට අත්හැර ගොස් ඇති බව වාර්තා වී ඇති බව ද සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.