Sat. Jun 28th, 2025

පන්දු මාරුව ගැන මැතිව්ස්ගෙන් චෝදනාවක්

ටෙස්ට් තරඟවල පන්දු ආදේශ කිරීමේදී මීට වඩා දැඩි නීති ක්‍රියාත්මක කළ යුතු බව ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ සිව්වැනි දිනය ආරම්භයේදී Sky Sports වෙත අදහස් දක්වමින්.

තරඟයේ තෙවැනි දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ 41 වැනි පන්දු වාරයේදී එංගලන්ත ක්‍රීඩකයන්ගේ ඉල්ලීමකට විනිසුරුවන් එකඟ වෙමින් මෙතෙක් භාවිතා කළ පන්දුව වෙනුවට වෙනත් පන්දුවක් ආදේශ කිරීමට කටයුතු කළා. ඒ ඇන්ජලෝ මැතිව්ස් සහ කමිඳු මෙන්ඩිස් අතර සටන්කාමී සබඳතාවයක් ගොඩනැංවී ඇති විටයි. කෙසේ වුවත් අලුතෙන් ආදේශ කළ පන්දුවේ දෝලනය වැඩි වීම නිසා පිතිකරුවන්ට පන්දුවට පහර දීම සංකීර්ණ වුණා.

“ඔවුන් සැලසුම්වලින් තොර වන බවක් පේන්න තිබුණා. නමුත් අවාසනාවන්ත ලෙස පන්දුව මාරු කරා. ආදේශ කරන්න තරම් සුදුසු පන්දු ඔවුන් සතුව නැති බව පැවසුවා. එයින් තරඟයේ රිද්මය සම්පූර්ණයෙන්ම වෙනස් කළා.” යැයි මැතිව්ස් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වුවත් තරඟය කඬුලු 05කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරඟයේ වීරයා සම්මානය එංගලන්තයේ ජෙමී ස්මිත්ට හිමි වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *