ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය විවේක දිනයක් ද සහිතව පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
සැප්තැම්බර් 18 වැනි දින සිට 23 වැනි දින දක්වා දින 06ක කාලයක් තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති එම ටෙස්ට් තරඟයේ සිව් වැනි දිනය හෙවත් 21 වැනි දින විවේක දිනයක් ලෙස නම් කර තිබෙනවා. ඒ එදින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිසා.
ICC ලෝක ටෙස්ට් ශූරතාවයට අදාළව පැවැත්වෙන මෙම තරඟාවලියේ දෙවැනි තරඟය සැප්තැම්බර් 26 වැනි දින සිට 30 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙසේ අතරමැද විවේක දිනයක් සහිත ටෙස්ට් තරඟයකට ශ්‍රී ලංකාව සහභාගි වන්නේ 2001න් පසුවයි.