සියල්ල තාක්ෂණයට සම්බන්ධ කිරීමෙන් සහ මිනිසාගේ සම්බන්ධතාවය අවම කිරීම තුළ වංචා හා දූෂණ අවම කළ හැකි බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න යොමු කිරීමට අවස්ථාව ලබාදෙමින්, තරුණ සංවිධාන කිහිපයක් සමග එක්වී සංවිධාන කර තිබූ සාකච්ඡාවකට එක්වෙමින්.
තාක්ෂණය සම්බන්ධ කිරීමෙන් සහ මිනිස් සම්බන්ධතා අවම කිරීම ඔස්සේ වසර තුනක් ඇතුළත වංචා හා දූෂණ අවම කළ හැකි බවත් දැනට බැංකු පද්ධතියෙන් පරිබාහිරව පවතින සියලුම ගනුදෙන සිය ආණ්ඩුවක් යටතේ බැංකු පද්ධතිය තුළට ගන්නා බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.